(සනත් ගමගේ)
සේවය අතහැර ගිය හම්බන්තොට මහ රෝහලේ සියලු හෙද හෙදියන් (10) උදෑසන සිට සේවයට වාර්තා කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කීය.
ඒ අනුව හම්බන්තොට මහ රෝහලේ දෛනික සේවා, රෝගී සත්කාර කටයුතු සියල්ලම පෙර පරිදි කිසිදු ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
නව මහ රෝහලේ පවතින නේවාසිකාගාර අර්බුදයට විසඳුමක් ලෙස අලුතින් නේවාසිකාගාර ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය දැනට කඩිනම් පියවර ගෙන ඇති බවද, එම කටයුතු සොයාබැලීමට නිලධාරීන් හෙට (11) පැමිණීමට නියමිත බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

