(දිලීප් ජයසේකර)
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5 ක් ද මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.
මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණි.

