හම්බන්තොට වරායේ තොග හැසිරවීමේ ඵලදායිතාව ඉහළට


(යොහාන් භාසුර)

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ තොග හැසිරවීමේ ඵලදායිතාව සියයට 100 කින් ඉහළ නැංවීමට සමත් වූයේ යැයි ඉන්සි සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන සහ සැපයුම් අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෑතකදී තොග වශයෙන් ඉහළම තොග ලෙස ඉන්සි සිමෙන්ති තොග දිනකට ටොන් 24,000 බැගින් මුදාහරින බවත් මෙය ශ්‍රී ලංකාවේ වරායකට වේගය සහ කාර්යක්ෂමතාව අනුව හිමිවූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් ගුණවර්ණසූරිය මහතා කීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිමෙන්ති නිෂ්පාදන සමාගම ලෙස විශාල යාත්‍රාවලින් අමුද්‍රව්‍ය ආනයනය කරමින් එම යාත්‍රා රටට පැමිණි පසු වරාය මෙහෙයුම් සිදු කරන්නේ යැයි කී ගුණවර්ණසූරිය මහතා මෙහෙයුම් වේගවත් කිරීමෙන් පිරිවැය ඉතිරිකිරීමත් සමඟ විදේශ විනිමය ඉතිරි කරගැනීමටත් හැකිවූ බවත් ඒ මහතා සඳහන් කළේය.