හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවට කැබිනට් අනුමැතිය


(යොහාන් භාසුර)

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ සිනෝපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (27) පස්වරුවේ පැවසීය.

එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමමිවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.