හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික ආරක්ෂකයකුට කොරෝනා


(ඩී.ජී.සුගතපාල)

ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ (03) රාත්‍රියේම හම්බන්තොට රෝහලට යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මොහු අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉකුත් 18වනදින ලංකාවට පැමිණිමෙන් පසු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත. ඔහුගේ සති දෙකක නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු නිවසට යැවීම සඳහා අවසන් වරට ඊයේ කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

ඒ අනුව දැනට හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය  වන පිරිස 80කි.එම පිරිසෙන් 63ක් නාවික ආරක්ෂකයින් වන අතර දෙදෙනෙක් රේගු සේවකයෝ වෙති. අනෙකුත් 15 නා අතර කොරෝනා ආසාදනය වී ඇති රුසියානු ජාතිකයා නතරව සිටි මාතර පොල්හෙන ප්‍රදේශයේ පුද්ගලයින් නම දෙනෙක්ද මිනුවන්ගොඩ කාන්තාවගේ පවුලේ හය දෙනාද වෙති.