
( නිශාන්ත කුමාර සහ සමන් පාලිත නානායක්කාර)
හපුතලේ යහලබැද්ද - කොළතැන්න මාර්ගයේ එකොළොස්වන කිලෝමීටර් කණුව අසල මාර්ගයට අද (24) දැවැන්ත ගසක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් . පාසල් දරුවන් ඇතුලු මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ලවී ඇත.
.මේ අතර අද (24) බදුල්ල නගරයේ සයිමන් පීරිස් ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි වසර 200ක් තරම් පැරණී දැවැන්ත අඹ ගසක්ද කඩා වැටි මෙන් ඒ ඉදිරිපසින් දිවෙන ප්‍රධාන මාර්ගයද අවහිර වී ඇත.
අවහිරවූ මාර්ග යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුකෙරෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම් .එල් උදයකුමාර මහතා පැවැසීය.


