හපුතලේ ගමකට මහ සුළඟක්


(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට  අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිතාගාර කීපයක් විනාශ වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

විනාඩි කිහිපයක් තුළ පැවති ටොනාඩෝ තත්ත්වයක් නිසා මෙලෙස නිවාස වලට හානි වී ඇති බවත් එම ප්‍රදේශයේ හරිතාගාර කීපයක්ද විනාශ වී ඇති බවත් ගස් කඩා වැටී විදුලි රැහැන් වලට හානි වී විදුලිය විසන්ධි වී ඇති බවත් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.

අවශ්‍ය සහන ලබාදීම සහ හානි තක්සේරු කිරීම සඳහා හපුතලේ ආපදා කළමනාකරන අංශය විමර්ශන කටයුතු සිදු කරයි.