
(සුජිත් හේවාජුලිගේ )
මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීහු පවසති .
මෙම මෘත ශරීරවලින් වැඩිම ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන්ගේ වන අතර කාන්තාවකගේ මෘත ශරීරයක් ද වෙතියි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය .
අයිතිකරුවන් නොමැති මෙම මෘතදේහ හඳුනා ගැනීම සඳහා ඒ ඒ පොලිස් ස්ථාන දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බවත් අයිතිකරුවන් හඳුනාගත් පසුව ඒවා එම අයිතිකරුවන්ට භාරදීමට කටයුතු කරන බවත් කොළඹ ජාතික රෝහල පවසයි .
මෘතදේහ හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ඒවා රජයේ වියදමෙන් භූමිදානය කිරීමට කටයුතු කරන බවද එම රෝහල් ප්‍රකාශකයා පැවසුවේය .

