හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබු‍ණේ ඡන්ද 8 ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජානතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විරුද්ධ ඡන්ද ප්‍රකාශ කළේ දෙමළ ජාතික  සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකි.

ඡන්දය විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් සභාවේ සිටියේ නැත.

විවාදය අවසන්වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් යෝජනාවට බෙදීමක් ඉල්ලා සිටියේය.

ඡන්ද විමසීම පැවැත්වු‍ණේ ඉන් පසුවය.ඡන්දය විමසන අවස්ථාවේදී අගමැතිවරයාත් විපක්ෂනායකවරයාත්  බොහෝ ඇමැතිවරු ද සභාවේ සිටියේ නැත.