හක්මන සණස බැංකුව කොල්ලකයි


(යසන්ත ආරියසේන)

හක්මන  ගම්මැදපිටිය  සණස  බැංකුව  අද (09) සවස  පැමිණි  අවි ගත්  පුද්ගලයින්  දෙදෙනෙක්  විසින්    මංකොල්ලකා  පලාගොස්  ඇතැයි හක්මන  පොලිසිය  පවසයි.

යතුරු  පැදියකින්  පැමිණ  ඇති  මංකොල්ලකරුවන්  බැංකු සේවකයින් බියගන්වා රුපියල් 170000 පමණ මුදලක් මංකොල්ල කා ආරක්ෂක  කැමරා  පද්ධතියේ  දත්ත  ගබඩා  කොටසද  රැගෙන  පලාගොස්  ඇති  බව  හක්මන  පොලිසිය  පවසයි.