හක් බෙල්ලන් තොගයක් සමග අයෙක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධිව හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි බව කියන පුද්ගලයෙක් මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු සැකකරු වයස අවුරුදු 54 ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක සහ ඵුස්සදේව ආයතන සහ මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව මෙම වැටලීම සිදුකළහ.