හංවැල්ලේ වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හංවැල්ල ඇඹුල්ගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු වෑන් රථයක් හා යතුරුපැදියක් සමඟ තලවතුගොඩ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෙඩි තැබීමෙන් ජල්තර රණාල පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.