සෞන්දර්ය කලා සරසවියට ඉඩමක් තෑගි දෙයි


(අංජුල මහික වීරරත්න)

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්ව විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය කොළඹ දිස්ත්‍රික්කයේ කිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුදුවත්ත ග්‍රාම නිලධාරී වසමේ කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ අංක 46 දරන රජයේ ඉඩමේ ස්ථාපනය කර තිබේ.‍ෙ

දෘශ්‍ය කලා පීඨයේ අධ්‍යාපනය ලබන 643 ක් පමණ වන සිසුන්ගේ ප්‍රායෝගික සහ අධ්‍යයන කුසලතා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් පරිදි භෞතික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස එම පීඨය ස්ථාපිත ඉඩමේ නෛතික හිමිකම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සතු විය යුතු වේ. එබැවින්, දෘශ්‍ය කලා පීඨය විසින් දැනට භුක්ති විඳිනු ලබන හෙක්ටයාර 0.6277 ක් වූ රජයේ ඉඩම් කොටස රජයේ ඉඩම් අඥාපනතේ 6 (1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය  වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.