සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන්ට අනුගත නොවන ආයතනය ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්


(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාත තුළ රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්,  සාප්පු සංකීර්ණ  , කර්මාන්තශාලා,  පවත්වාගෙන යාමේ දී රජය විසින්  නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත්   අති විශේෂ  ගැසට් නිවේදනය  අනුව    කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා   අද (11)  සිට විශේෂ පොලිස් මෙහෙයුම්  ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සදහා සිවිල් ඇදුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන් 400ට අධික පිරිසක් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 15 වැනි දින මෙම අති විශේෂ  සෞඛ්‍ය  නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය  නිකුත් කර ඇති  අතර එහි ආයතන පවත්වාගෙන යාමේ දී  අනුගමනය කර යුතු කරුණු  වන  දෙයත්සේදීමට ස්ථාන සක්ස්කිරීම,   උෂ්ණත්වය පරික්ෂා කිරීම, ඇතුළත සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම  ආදි   සෞඛ්‍ය   ක‍්‍රම අනුගමන කරන්නේ ද  යන්න සොයා බැලීම සදහා  මෙම  මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සිවිල් ඇදුමෙන්  සැරසුණු  පොලිස්  නිලධාරීන්  මෙම ස්ථාන වෙත ගොස්  ඒවා ක‍්‍රම නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණ කර බවත්  එවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමන  නොකරන  ආයතන හදුනාගෙන  ඒවායේ   හිමිකරුවන්,  ආයතන ප‍්‍රධානීන්,  පරිපාලන  නිලධාරීන්ට      නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

කොළඹ නගරයේ බොහෝ ප‍්‍රදේශ  ඊයේ  දිනයේ සිට සම්පුර්ණයෙන්ම  හුදකළා බවින්   ඉවත් කිරීම නිසා බොහෝ  පිරිසක්   නගරයේ වෙළෙදසැල් වෙත පැමිණීමට   ඉඩ ඇති බවත්, සියලූ දෙනා  සෞඛ්‍ය ආරක්ෂිත   ක‍්‍රම අනුගමන  කළයුතු බවද අජිත් රෝහණ මහතා කීය.

,සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමන කරමින් කොළඹ නගරය තුළ යළිත් කෝවිඞ් පොකුරු,  අනුපොකුරු ඇති වීම වලක්වා ගැනීම ජනතාවගේ වගකීමක්  බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.