සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ඊයේ (24) පත්කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි විරෝධය දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර නොතිබියදී හා විෂයභාර අමාත්‍යවරයාගේ කිසිදු දැනුමක් නොමැතිව ආණ්ඩුවේ ඉහළ නියෝගයකින් නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කර එවා ඇතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එවැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත් කිරීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂවරයා සිය රාජකාරි මැනවින් සිදුකරන බවත් ඔහු සැලසුම් හා පරිපාලනය පිළිබඳ ඉහළ දැනුමක් ඇති අත්දැකීම් සහිත නිලධාරියකු බවත් ඔහු ඉවත්කර නව නිලධාරියකු පත්කිරීම අනවශ්‍ය බව රාජිත සේනාරත්න මහතා කීය.
නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නොපිළිගන්නා බව කී ඇමැතිවරයා ඔහුගේ පත්කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව පැවසීය.

