(මුදිතා දයානන්ද)
ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටළු ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අනිද්දා 27 සාකච්ඡාවේදී නිසි විසඳුමක් නොලැබුණහොත් 30 වැනිදා සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සුසිත් අරුණසිරි මහතා ලංකාදීපයට අද (25) පැවසීය.
ඉල්ලීම් 12 ක් මූලික කරගනිමින් ගිලන් රථ සේවකයින්, කණිෂ්ට සේවකයින් සහ සෞඛ්‍ය කාර්ය සහයකයින් ඇතුළු කාර්ය මණ්ඩල 28 ක සේවකයෝ අද පැය හතරක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කළහ.
ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටලූ විසඳාගැනීම, නිලඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකරගැනීම, කාර්යක්ෂමතා කඩඉම් විභාගය ලිහිල් කිරීම ඇතුළු ඉල්ලිම් 12 ඔවුන්ගේ ඉල්ලීම් අතර පවතින බවද අරුණසිරි මහතා පැවසීය.
ශ‍්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, රජයේ ගිලන්රථ ධාවන රියදුරු සංගමය, උපස්තායකයින්ගේ සංගමය, පොදුජන වෘත්තිය සමිති එකමුතුව ඇතුලූ කාර්ය මණ්ඩල 28 ක සේවයකයින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය සමඟ එක්ව සිටින බවද අරුණසිරි මහතා තවදුරටත් පැවසීය.

