හිරාන් ප්‍රියංකර ජයසිංහ
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට නියමිත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමැති , යුද හමුදාපති , හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.
මේ වන විට අතහැර දමා ඇති අක්කර 400 ක වපසරියකින් සමන්විත ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත වෙයි .
අදාල ස්ථානය නිරික්ෂණය කිරිමෙන් පසු සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේය.
“ඉරියෙදී මෙම ස්ථානය අපි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට කටයුතු ආරම්භ කර තිබෙනවා . යුද හමුදාව මෙහි ඉදිකිරිම් හා අනිකුත් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම ස්ථානය තුළ කොරෝනා ආසාදිතයින් වෙන වෙනම 50 කට පමණ ප්‍රථිකාර කිරිමටයි අපි සුදානම් වන්නේ .ඒ නිසා අද නිරික්ෂණ කටයුතු වලදි මතුවු අඩු පාඩුත් සකසමින් අපි ඉදිරියෙදි මේ සම්බන්ධව කටයුතු කරන්න සුදානම් යැයි පැවසිය .
මෙම අවස්ථාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ , පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනන්දු හා වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.
ඒ සමගම පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන් වන ප්‍රියංකර ජයරත්න , අරුන්දික ප්‍රනාන්දු , සනත් නිශාන්ත , ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.





