සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.