සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු නොපැවැත්වේ


(රංජන් කස්තුරි)
 
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු කල් දමා තිබේ.
 
පරිපූරක වෛද්‍ය සේවයේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය කාර්යක්ෂමතා කඩඉම් විභාගය,  මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය,  විද්‍යුත් නිකර්ජන රේඛන සටහන්කරු සහ ඛන්තුරේඛන ශිල්පී 3 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය,  ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් සමීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තාක්ෂණික සේවා ගණය සහ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ 1 ශ්‍රේණියේ තනතුරු සඳහා වන තුන්වන කාර්යක්ෂමතා කඩඉම් විභාග යන විභාග කල්දමා තිබේ.