සෞඛ්‍ය අධීක්ෂණ කමිටුවේ මුල් පුටුව වෛද්‍ය නිහාල්ට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට  පත් කරනු ලැබ සිටී

ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට  ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.

ඒ අනුව සභාපති ධුරය සඳහා වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ නම ජාතික ඒකාබද්ධතා  නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා  යෝජනා කළේය. යෝජනාව ස්ථිර කරනු ලැබුවේ  පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලිී ගුණසිංහ මහත්මිය විසිනි