(නිමල් ජයරත්න)
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය මාර්ගයේ අඩි හතරක් ජලයෙන් යටව පවතින අතර සෝමාවතිය පුදබිම ද ජලයෙන් යටවීම හේතුවෙන් එහි හතළිස් අටදෙනකු තවදුරටත් කොටු වී සිටින බව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ මෙන්ම කුඩා ජලාශ පිටාර ගැලීමෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල පහත් බිම් වල වගාකර තිබෙන කුඹුරු රැසක් ජලයෙන් යට විනාශයට පත් වීමත් සමඟ ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.