(අජන්ත කුමාර අගලකඩ)
සේනා දළඹුවා මර්දනයට වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී අද (14) ප්‍රකාශ කර ඇත.
සේනා දළඹුවා මර්දනය නොකළහොත් රටේ ආහාර සංස්කෘතියටද බරපතල ගැටලුවක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
රට තුළ හොඳ අස්වැන්නක් ලැබෙමින් තිබියදී සේනා දළඹුවාගේ ක්‍රියාකලාපය කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා එය මර්දනය කිරීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බව සඳහන් කර ඇත.

