සෙල්ෆෝන් ක්‍රීඩාව සිසුවකු බිලිගනී


(යොහාන් භාසුර)

ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසල 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළදී ගෙලවැළ දාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාල සිසුවා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවන බවට ගුරුවරු කළ දැනුම්දීමකට අනුව සිසුවාගේ මව ඔහුගේ ජංගම දුරකථනය බාරයට ගැනීම පිළිබඳව සිත්තැවුලට පත්ව දිවිනසාගෙන ඇති බව වාර්තා වේ.

පහළොස්හැවිරිදි මෙම සිසුවා ඊයේ (23) දිවා කාලයේදී ගෙලවැළ දාගෙන ඇති බව පොලිසිය කියයි. එම සිසුවා පදිංචි ප්‍රදේශයේ බොහෝ පාසල් සිසුන් ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහිවී සිටින බව ද ප්‍රදේශවාසීහූ පවසති.