(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම යහම්පත් මාවතේ නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් හය දෙනෙකු ඇතුළු අටක් , රුපියල් තිස් දෙදහස් පන්සියයක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.
එහි කාන්තාවන් හය දෙනකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම , නුගේගොඩ , පිලියන්දල , ගංගොඩවිල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි (32 -47) වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි .
වැටලීම වන අවස්ථාවේදී සැකකරුවන් රුපියල් 6000 ක මුදලක් සඳහා සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි අතර ,පසුව කළ පරික්ෂාවේදී සැකකරුවන් සන්තකයේ තිබී තවත් රුපියල් 26 , 500 භාරයට ගත් බව පොලිසිය කියයි .
අත් අඩංගුවට ගත් සැකකරුවන් ,නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .