සූදු ක්‍රීඩා නියාමන පනතට 1 වැනිදා පණදෙයි: ගැසට්ටුව පිටවෙයි


(සුජිත් හේවාජුලිගේ)

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස 1 වැනිදා දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර  ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්‍රිඩා නියාමන අධිකාරී පනත දෙසැම්බර් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.