(රංජන් කස්තුරි)
කොරෝනා වසංගතයේ හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට සහන ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයිගේ සංගමයේ සභාපති පවසයි.
සංචාරක කර්මාන්ත හිමියන්ට ණය ආපසු ගෙවීම සඳහා ලබා දී ඇති සහනය 2022 දක්වා දීර්ඝ කිරීම, හිඟ ජල, විදුලි හා දුරකථන බිල්පත් කපා හැරීම, ආර්ථික සාධක හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ හිඟ වාරික කපා හැරීම, සංචාරක සංවර්ධන බද්ද 2019 සිට 2002 දක්වා අහෝසි කිරීම සංචාරක හිමිකරුවන්ට හා සේවකයින්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම, පොලී රහිත ණය මුදල් ලබාදීම ඇතුළු සහන ලබා දෙනනැයි රජයෙන් ඉල්ලා සිටින බවද සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති ඇම්.බී. ජයරත්න මහතා කීය.
සංචාරක කර්මාන්තයෙන් ඉකුත් 2018 වසරේ ලොකුම විදේශ විනිමය සියයට 65ක දායකත්වය දැරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක විවසායකයින් බවද ජයරත්න මහතා පැවසීය

