සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති


(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානයට වටකරගෙන එම රෝහලේ සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

ඒ හේතුවෙන් ඒ මහතාට කාර්යාලයෙන් පිටවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති ඇතර එම ස්ථානයේ සුළු සේවකයෝ 500කට අධික පිරිසක් එක්ව සිටිති.