(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත‍්‍රික්ක හයකට ඊයේ (7) රාත‍්‍රියේ ඇති වූ තද වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 271කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 293 කට අයත් 1134 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සිව්ෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
රත්නපුර, වවුනියාව, කෑගල්ල, පුත්තලම, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කයන්හි මෙම නිවාස හානි වාර්තා වී ඇති බව ද කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේය.
මේ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිවාස 47කට, වවුනියාව දිස්ත‍්‍රික්කයේ නිවාස 12කට, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නිවාස 74කට, පුත්තලම දිස්ත‍්‍රික්කයේ නිවාස 96කට, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නිවාස 14කට සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නිවාස 28 කට අර්ධ හානි සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව කොළඹ, ගම්පහ, ත‍්‍රිකුණාමලය, මාතලේ පොළොන්නරුව, මහනුවර යන දිස්ත‍්‍රික්කවලට ද සුළං සහ වැසි තත්ත්වය බල පා තිබූ අතර එද දිස්ත‍්‍රික්කයන්හි ද මාර්ගවලට ගස් කඩා වැටීම් ආදිය වාර්තා වී තිබිණි.
මෙලෙස ගස් කඩාවැටීමෙන් විදුලි රැහැන් වලට හානිවීම නිසා ප‍්‍රදේශ රැසකට පැය කිහිපයක් විදුලිය විසන්ධි වී තිබු බව ද වාර්තා විය.
නිවාස හානි වෙනුවෙන් වන්දි ගෙවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කර ඇති බව කී කොඩිප්පිලි මහතා ජාතික රක්‍ෂණ භාර අරමුදල හරහා එම වන්දි මුදල් ලබාදෙන බව ද කීවේය

