
(සුමිත් පොතුපිටිය )
කළුතර ප්‍රදේශයට අද පෙරවරුවේ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් කළුතර වේලාපුර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලය විනාශවී ඇත.
මේ හේතුවෙන් එහි පංති හතරක සිසුවියන් 170 ක් පමණ ආරක්ෂිතව ඉවත් කිරිමට විදුහලේ පාලන අධිකාරීය කටයුතු කර තිබේ.
නවවන ශ්‍රේණියේ පංති තුනක් සහ දහවන ශ්‍රේණියේ පංතියක් එම ස්ථානයෙන් ඉවත්කර ප්‍රධාන ශාලාවේ රදවා ඇති අයුරු දැකගත හැකිවිය .
වහලයේ ඇස්බැස්ටෝස් දහයකට පමණ හානි සිදුව ඇති අතර, කිසිදු අයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදුහල්පති එස්.එන්.කොතලාවල මහත්මිය පැවසීය.


