
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින 7දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2805කි. මේ වනවිට ආසාදිතයෝ 130ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 4ක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3ක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 55කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2947කි. අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත කාන්තාවක අද(23) උදෑසන මියයාම හේතුවෙන් මේ වනවිට මිය ගිය කොරෝනා ආසාදිතයන් ගණන 12කි.


