සුරුට්ටු ඇද්ද ජේලර්ට වැඩ වරදින ලකුණු


(යොහාන් භාසුර)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට රුපියල් ලක්‍ෂ දෙකක පමණ වෙළෙඳපොළ වටිනාකමින් යුත් සුරුට්ටු තොගයක් රැගෙන ගියේ යැයි කියන  බන්ධනාගාර ජේලර්වරයකු  සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ජේලර්වරයා බන්ධනාගාරය තුළට සුරුට්ටු මිටි හතරකට අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් බන්ධනාගාර මුළුතැන්ගෙයි සේවකයකුට ලබාදී ඇති බවත් අදාල ජේලර්වරයා සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රැඳවියන් අතර සුරුට්ටුවක් රුපියල් 5000 ත් 10,000 ත් අතර මුදලකට අළෙවි වන බවත් මෙම සුරුට්ටු තොගය රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි මුදලකට අළෙවි කළ හැකිව තිබූ බවත් බන්ධනාගාර නිලධාරීයකු කීය.