සුරතලාට නරක්වූ කෑම දුන් සිද්ධියකට තල්ලු කළ මව රෝහලේදි මරුට


(ගයාන් සූරිය ආරච්චි) 

නිවසේ සුනඛයාට දැමූ ආහාර නරක් වීම හේතුවෙන් මව සමඟ ඇති වූ ආරවුලකදී  පුතා විසින් මව තල්ලු කිරීමෙන් පසු ඇද වැටි තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) මියගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි දීප මාලා කුමාරි විජේසිංහ (57) නැමැති කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා (24) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

නිවසේ ඇති කරන සුනඛයාට  ලබාදුන් ආහාර නරක් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව සහ පුතා අතර ඉකුත් (20) දින ආරවුලක් ඇති වී තිබූ අතර එහිදී පුතා විසින් මව තල්ලු කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී  පෙරේදා (23) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටී ඇතිවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.