සුමන හිමි අයිතිය ඉල්ලා විරෝධයක


(මදුශානි අබේසිංහ)

මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම්  අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මග අවහිර කරමින්  විරෝධතාවක නිරත වූහ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒකරාශී වෙමින් මඩකලපුව, අම්පාර, දිවුලපතාන යන ප්‍රදේශවල පාරම්පරිකව හේන් වගා කරන සිංහල ගොවි පවුල් බලහත්කාරයෙන් එම ඉඩම්වලින් ඉවත් කරන බවත්, මේ පිලිබද මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ල වහාම ඉවත්කරක කරගන්නා ලෙසත්,දෙමළ මුස්ලිම් ජනතාවට සේම නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවටද ඉඩම් අයිතිය ලබාදීමට රජය සහ අදාළ දේශපාලන අධිකාරියත් වහාම මැදිහත්ව ලෙසද අම්පිටියෙ සුමනරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ,