සුපිරි වෙළදසල් කොල්ලකෑ 5ක් අල්ලයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල් 14 ක් බිඳ රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා දුම්වැටි ඇතුළු දේපල පස්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක්    අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .

එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ,හොරයින්  මත්කුඩු ග්‍රෑම් 5  ක් ,සොරකම සඳහා යොදාගත් ත්‍රීරෝද රථ දෙකක්ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි .

කොහුවල ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම සොරකම් වැල අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

බම්බලපිටිය,පිළියන්දල,බණ්ඩාරගම,දෙල්ගොඩ,කිරිබත්ගොඩ මහරගම  වැලිකඩ ආදී ප්‍රදේශවල සුපිරි  වෙළඳසැල්  බිඳ දේපළ සොරා ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඔවුන් කොහුවල බෝධිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි .

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.