සුනාමි ප්‍රති උපකාරයට ඇවිත්


(කේ බුද්ධික කුමාරසිරි)

ගංවතුරින් විපතට පත්ව සිටින කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව බේරා ගැනීම සදහා ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත තරුණයෝ පිරිසක් තම පිහිනුම් උපදේශිකාව ද සමග වැල්ලම්පිටිය ප්‍රදේශයට බෝට්ටු ද සමගින් පැමිණ ජනතාව බේරා ගැනීමේ කටයුතු වල නිරත වූහ.

එහිදී අදහස් දැක් වූ තරුණයින් පැවසූවේ

ඉකුත් සුනාමි කාලයේදී තමන් දැඩි අසරණ වූ අවස්ථාවේ කොළඹ ජනතාව පැමිණ  උදව් උපකාර කළ බව මතක බැවින් මෙලෙස පැමිණ උදව් කරන බවයි

ගංවතුර අවසන් වනතෙක් තමන්ගේ ප්‍රදේශයට හෝ මෙම ජනතාව රැගෙන ගොස් පුලුවන් ආකාරයෙන් රැක ගැනීමට උවක් සූදානම් බවත් ඔවූහු පවසති