සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක්


(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් රජය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය

සහල් මිල අසීමිත ලෙස ඉහළ දැමීම වැළැක්වීම සඳහා  රජය මෙම පියවර ගෙන ඇත.

මේ අතර ඇතැම් කූඨ වෙළෙඳුන්  හිතු හිතූ මිල ගණන් වලට සහල් අලෙවි කරන බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

දිනෙන් දින මිල ඉහළ යන හෙයින් සහල් මෙන්ම අනෙකුත් ආහාර වර්ගද මිල පාලනයකට කඩිනමින් ලක් කළ යුතු බව ජනතාව රජයට   පෙන්වා දෙති.