
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා කීය.
තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

