සීදූව ප්‍රා.මන්ත්‍රිනියට පහරදී ඇඳුම් ඉරා දමලා


(අංජුල මහික වීරරත්න)

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහරදුන් බව කියමින් එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට අද (5) පැමිණිලි කළේය.

ඉකුත් ජුලි දෙවැනි දා හවස 6.45ට පමණ කටුනායක දී මෙම පහරදීම සිදුවූ බව අදාල පැමිණිල්ලේ සඳහන්ය.

තමා බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී පිරිමි පුද්ගලයකු ඊට අත දමා නතර කළ බවත් එහිදී තවත් පිරිමි තිදෙනකු ද  බිම දමාගෙන තමාට ගෙන පහර දුන් බවත්,තමා ඇද සිටි ඇඳුම් ද ඉරා දැමූ බවත් නිලූකා සිල්වා මහත්මිය පවසයි.

සමගි ජන බලවේගයට සහය දක්වන සීදුව නාගරික මන්ත්‍රීවරයකු මෙම සිද්ධිය පැත්තක සිට බලාගෙන සිටි හෙයින් ඔහුගේ අනුදැනුම මත මේ හිංසනය සිදුවී දැයි සැකයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සීදූව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ලක් වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ පැමිණිල්ලේ සඳහන් ලිපියේ පිටපතක් ලක්වනිතා පෙරමුණ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ද යොමු කර තිබේ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)