
(සුජිත් හේවාජුලිගේ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සම්පත් ගැටලු හේතුවෙන් එම පැමිණෙන විභාග කිරීමට බාධා මතුව ඇති බවත් එහි පැමිණිලි ප්‍රමාණය අඩු කරගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ජනතාවට සිය පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම නාරාහෙන්පිට කම්කරු ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ විවෘත කෙරුණු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

