(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් පැය හතරකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අද (19) පෙරවරු 10.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප‍්‍රකාශය ලබාදීමට පැමිණී හිටපු අමාත්‍යවරයා සවස 2.30ට පමණ එන් පිටව ගිය බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.
ජනාධිපතිවරණ සමයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයේ සිට පුත්තලම දක්වා බස් රථ 222කින් 12,000 ඡන්ද දායක පිරිසක් උතුරු පළාතේ ස්ථාන කිහිපයකට ප‍්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95ක මුදලකට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

