සිසුහු දෙකක් මහවැලි ගඟට බිලි


(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර  තැන්නෙකුඹුර පාලම අසල මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු ගඟේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  ඕෂාන් මලීෂ සහ සඳුන් ඩිල්ශාන් ප්‍රනාන්දු නැමැති සිසුන් දෙදෙනෙකි. 

ඔවුහු මහනුවර ඩී. ඇස්. සේනානායක විදුහලේ සහ විද්‍යාලෝක විදුහලේ 10  වසරවල ඉගෙනුම ලබමින් සිටියහ  .

එම සිසුන් දෙදෙනා තවත් සිසුන් පිරිසක්

පාසලේ පැවති චිත්‍ර වැඩසටහනකට සහභාගි වීමෙන් පසු තවත් සිසුන් පිරිසක් සමග මහවැලි ගගේ  දියනෑමට ගොස් තිබෙන අතර එම අවස්ථාවේ දෙදෙනකු දියේ ගිලී තිබෙන අතර ඉන් එක් අයකු එම ස්ථානයේම මියගිය  අතර අනෙක් සිසුවා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.