සිසුවියන් දෙදෙනෙකු කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් අතුරුදන්


(රංජිත් රාජපක්ෂ)                        

පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඬ පහරට හසු වී අද(18) කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය කියයි.
 
කොත්මලාඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් තරණය කර නිවසට යාමට උත්සහ කළ පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනා  ජල පහරට හසු වී ඇති අතර, ඉන් සිසුවා දිවි බේරාගෙන තිබේ. 
 
පාසල් සිසුවියන් දෙදෙනා අතුරුදහන්ව ඇති බව ආගරපතන පොලිසි පවසයි.
 
කොත්මලාඔය මේ වන විට පිටාර ගලා ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයද වාන් දොරටු තුනක් ද විවර කර ඇත.
 
අතුරුදහන් වු පාසල් සිසුන් දෙදෙනා අවුරුදු 12 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් සොයා මෙහෙයුමක් ත්‍රියාත්මක කර ඇති බවත් ආගරපතන පොලිසිය කියයි.