සිසුවියට හදි කළ අට දෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර


(කේ බුද්ධික කුමාරසිරි)


හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු  තරුණයින් 08 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 ක කාළයක්  රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහෙස්ත්‍රාත්  ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනෙවිය අද (23) දින නියෝග කළාය.

හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය කළාය.

මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ රණාල  ජල්තර පදිංචි පිරිසකි.