සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන යයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු  ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

බස්රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කරද්දී  මේ සිද්ධිය වී ඇතැයි හෙළි වී ඇත.

තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පිටුපසින් ගමන් කළ සිසුන් දෙදෙනා දුරකථනය බලමින් ගමන් කර ඇති නිසා සිදු වූ සිද්ධිය පිළිබඳව දැක නැති අතර ඉදිරියෙන් ගිය දෙදෙනා කෑගහනවා ඇසි බලද්දී පුද්ගලයකු විල්වත්ත රේල් ගේට්ටුව දෙසට දිව යනවා දැක ඇතැයි හෙළි වී ඇත.

උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.