(ඩබ්. ඒ. පියතිලක)
පාසල් සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව, ලංකාපුර පාසලක විදුහල්පතිවරයකු අද(17) අත්අඩංගුවට ගෙන මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රත් සුරංග අසේළ ද සිල්වා මහතා මාර්තු 3 වන දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙසේ බන්ධනාගර ගතව ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ පදිංචි චන්දන කරුණාතිලක (47) හැවිරිදි විවාහක තිදරු පියෙකි.
පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරයා අද(17) අත්අඩංගුවට ගත්තේය.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව පුලස්තිපුර පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව ප්‍ර දේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයවිමෙන් පුලස්තිපුර පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. පී. කේ. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 31075 චම්පික ඇතුළු නිලධාරින් කාණ්ඩායමක් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

