(තරංග ගුණරත්න)
දකුණු පළාතේ ඇති සිසුන් 200 අඩු පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා තවදුරටත් පැවසීය.
කොවිඩි මර්ධන කමිටු සක්‍රීයකර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් , මව්පියන් සමග සාකච්ඡා කොට එහිදී ගැටලු හඳුනාගෙන එම ගැටලු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමටත් උපදෙස් ලබාදි ඇත.
මෙම කමිටුව මගින් පාසල් පිරිසුදු කිරීමටත්, විසබීජහරණය කිරීමටත් කටයුතු සැලසුම් කර තිබේ
එ සදහා අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා නගර සභා මගින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ
ඒ අනුව ලබන 06 දින සිට එම කටයුතු සිදුකරන බව ද ඉන් අනතුරුව ලබන 15 දින සිට දරුවන් 200 අඩු පාසල් 514 ක් මෙ යටතේ ආරම්භ කිරීමට නියමිතය.

