සිසු නයුවන් හතර දෙනකු සිසුවකුට බෝතල් කටු පාඩමක්


(ෂේන් සෙනෙවිරත්න)

කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ශිෂ්‍ය නායකයන් හතර දෙනකු විසින් එම පාසලේම සිසුවකුට බෝතල් කටු උපයෝගී කරගනිමින් සිදුකළ පහර දීමක් හේතුවෙන් එම සිසුවා රෝහල් ගතකොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

එම පහරදීම විදුහල් කාල වේලාවෙන් පසු විදුහල් පරිශ්‍රයෙන් පිටදී සිදුවී ඇති බවද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ ශිෂ්‍ය නායකයන් හතර දෙනා සැකපිට කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.