සිසිලි දූපතේ එට්නා ගිනි කන්ද අශ්‍රිතව භූ කම්පනයක්


සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක් සිදුවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

යුරෝපයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන එට්නා පසුගිය සඳුදා සිට සක්‍රිය වී තිබේ.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කන්දෙන් අහස හා ඒ අවට ප්‍රදේශවලට අළු විසිවීම හේතුවෙන් කැටලිනා ගුවන්තොටුපලේ ගුවන් ගමන් අත්හිටුවා ඇත. 

ආසන්න ගම්මානවල නිවෙස්  ද අළුවලින් වැසී ගොස් ඇතැයි පැවසේ.

ගිනි කන්ද අවට පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

https://www.bbc.com/news/world-europe-46683091