සිවුරු දැරූ අයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෝ 6ක් දැලේ


(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන සිවුරු දැරූ පුද්ගලයකු ඇතුළු 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ අපරාධ කොට්ඨාස මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී ගාල්ල හල්මිල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය වාසය කරමින් සිටි අවුරුදු 43 ක සිවුරු දැරූ පුද්ගලයෙක්, බලපිටිය ප්‍රදේශයේ අවුරුදු 49 ක් වන පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ කොටුගොඩ ප්‍රදේශයේ අවුරුදු 31 ක පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් සහ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ, ගාල්ල සහ කළුතර යන අපරාධ කොට්ඨාස මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී එම සැකකරුවන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.