සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ රාත්‍රී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන අතර චීවර දරා  මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය ගෙනා ප්‍රථම අවස්ථාව ද මෙය වේ .

ශ්‍රී ලංකාව පුරා , විවිධ ප්‍රදේශ වල පදිංචිව සිටින තරුණ සිවුරු දරා ගත් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසකි .

අනුග්‍රහකයකු විසින් ලබා දුන් ගුවන්  ප්‍රවේශ පත්‍ර මත එරටට ගොස් , එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන , විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අනාවරණය කර ගෙන තිබේ .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර , ඒවා තුළ මත් කිලෝ ග්‍රෑම් 110 කට අධික " කුෂ්" සහ " හෑෂ් " මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබුණි .